කිලෝග්‍රෑම් 4,000කට අධික පරිසරයට හානිකර අපද්‍රව්‍ය ඉවත් කිරීම
මිනිස් පැය 7,000+ ක් – ස්වේච්ඡා සේවකයින් 400+ ක් – බොඩිලයින් කණ්ඩායමේ තවත් විශිෂ්ට මෙහෙවරක්
බොඩිලයින් 02 කණ්ඩායම විසින් ශ්‍රී පාද වන්දනා සමය අවසානයත් සමඟ ශ්‍රී පාද කන්දේ පූජනීය සුන්දරත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් විශේෂ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා බොඩිලයින් 02 කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා හමුදාව, විශේෂ කාර්ය බලකාය, රතු කුරුස සංවිධානය සහ මනුසත් දෙරණ ඇතුළු ස්වේච්ඡා සමාජිකයින් 400කට අධික සංඛ්‍යාවක් එක්වීම කැපීපෙනෙන සිදුවීමක් විය. එහිදී කිලෝග්‍රෑම් 4,000කට අධික පරිසරයට හානිකර අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මිනිස් පැය 7,000+ක් කැප කර තිබීම විශේෂත්වයකි. මෙය පිරිසිදු කිරීමේ වැඩසටහනකට එහා යමින් ශ්‍රී පාදස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කිරීම තුළින් තිරසාර පරිසරයක් ගොඩනැඟීම සඳහා විශිෂ්ට ආදර්ශයක් සැපයීමටද සමත් වී තිබේ.
එහි සුවිශේෂ අවස්ථාවන් ඇතුළත් විඩියෝව හා ඡායාරූප පහතින්.