කණ්ඩායම් 30 ක් අතර උද්වේගකර අයුරින් පැවති MAS Kreeda Shadeline ආයතනය විසින් සංවිධානය කරන ලද ශේඩ් වොලිබෝල් ලීග් 2025 තරගාවලිය පසුගියදා පවත්වන ලදි. එහිදී ක්‍රීඩකයින් සිය ජවය විදහා පෙන්වමින් තනි තනිව සහ කණ්ඩායම් වශයෙන් සිය සීමාවන් ඉක්මවා දක්ෂතා ප්‍රදර්ශනය කළේය.
ශේඩ් වොලිබෝල් ලීග් 2025 හුදෙක් ක්‍රීඩා ඉසව්වක් පමණක්ම නොව සේවක අභිප්‍රේරණය සඳහා සහාය වන ප්‍රබල මෙවලමක්ද විය. සියලුම ආයතනික අංශවල සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේදී සේවා නියුක්තිකයන් ඔවුන්ගේ වොලිබෝල් කුසලතා වර්ධනය කර කරගනිමින්, සිය සගයන් සමඟ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගනිමින්, වඩාත් ඒකාබද්ධ වැඩ පරිසරයක් ගොඩනඟා ගැනීමට පරිසරය සකස් කර ගන්නා ලදි.