එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සැමරීම සඳහා දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයේ රාජකීය ඈන් කුමරිය, ශ්‍රීමත් තිමෝති ලෝරන්ස් හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්රික් යන පිරිස ඔවුන්ගේ සංචාරයේ පළමු නැවතුම ලෙස MAS Nirmaana වෙත පැමිණි අතර ඔවුන් MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු විසින් පිළිගනු ලැබිණි.
රාජකීය දූත පිරිස MAS Active හි ගෝලීය නිර්මාණ මධ්‍යස්ථානය වන Nirmaana හි සංචාරය කළ අතර, එහිදී ඇඟලුම් කර්මාන්තයේ දශක තුනක අපගේ ගමනමග පිළිබඳව හා Marks & Spencer (M&S) සහ Gymshark වැනි ගනුදෙනුකරුවන් සමඟ එක්ව එක්සත් රාජධානියේ ප්‍රධාන වෙළෙඳ පොළෙහි MAS සිදුකරනු ලබන නවෝත්පාදන හා නිෂ්පාදන සංවර්ධන සේවාවන් පිළිබඳව MAS නායකත්වයෙන් අසා දැනගන්නා ලදි.