- ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති මෙම අන්‍යෝනය තීරු බදු යනු කුමක්ද?
කිසියම් රටක් සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වන වෙළඳ හිඟය ප්‍රතිශතයක් ලෙස ගණනය කර නව තීරුබදු පැනවීම සිදුකර ඇත. 2025 අප්‍රේල් 2 වන දින නිකුත් කළ, ඇමරිකානු රජයේ නිවේදනය අනුව ඔවුන්ගේ වෙළඳ හිඟය අඩු කර ගැනීම සඳහා විවිධ රටවල් රැසකට මෙම තීරුබදු පැනවීම සිදුකරයි. ඒ අනුව කිසියම් රටක් විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනය කිරීමේදී අමතර බද්දකට යටත් වේ. ඒ හේතුවෙන්, ඒවා මිලදී ගන්නා ඇමරිකානු සමාගමට එම මුදල ඇමරිකානු රජයට ගෙවීමට සිදු වන අතර එය නිෂ්පාදනවල පිරිවැය වැඩි වීම මගින් නිෂ්පාදන මිල වැඩිවීම කෙරෙහි බලපෑම් සිදු කරනු ඇත. ඇමරිකා එක්සත් ජනපදය මෙම බදු පැනවීම සිදු කර ඇත්තේ එහි නිෂ්පාදන ඒකක වඩාත් තරඟකාරී කිරීම දිරිගැන්වීමට වන අතර එමගින් අනෙකුත් රටවල නිෂ්පාදන තහනම් කිරීමක් සිදුකර නොමැත.
- මෙම අන්‍යෝනය තීරු බදු පැනවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ඇඟලුම් ක්ෂේත්‍රයට බලපාන්නේ කෙසේද?
මෙම තීරුබදු ක්‍රියාත්මක වුවහොත්, ශ්‍රී ලංකාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කරන ඕනෑම භාණ්ඩයක් සාමාන්‍යයෙන් පවතින මිලට වඩා මිල වැඩිවීමක් සිදුවිය හැකි අතර ඒ හේතුවෙන් පාරිභෝගික ඉල්ලුම අඩුවීමේ අවදානමට මුහුණදීමට සිදුවනු ඇත. එය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුකරනු ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන අංශය වන ඇඟලුම් සඳහා වන විශාලතම වෙළඳපොළ ඇමරිකා එක්සත් ජනපදය වන බැවින් මෙමගින් ඇඟලුම් ක්ෂේත්‍රය වන බලපෑමද විශාල වේ.
- ඇමරිකානු රජය විසින් පනවා ඇති මෙම තීරු බද්ද MAS ආයතනයට සිදුකර ඇති බලපෑම කෙබඳුද?
දිගු කාලීනව සිදුවිය හැකි අවදානම් අවම කර ගැනීමට අපි අපගේ කණ්ඩායම් සහ ගනුදෙනුකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් සිටිමු. ඇමරිකානු තීරු බදු පැනවීම දින 90 කට අත්හිටුවා ඇති අතර අපගේ වත්මන් ධාරිතාවයන්ද මේ මොහොත වන විට නියමිත ප්‍රමාණයේ පවතී.
- මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව, JAAF සහ MAS ගෙන ඇති පියවර මොනවාද?
ශ්‍රී ලංකා රජය, එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන අතර JAAF සහ MAS ගනුදෙනුකරුවන් සමඟ සමීප සාකච්ඡා පවත්වමින් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටී. දිගුකාලීන සැලැස්මක් ලෙස අපි අනෙකුත් රටවල වෙළඳපොළ කොටස පුළුල් කිරීම පිළිබඳවද සලකා බලමින් සිටිමු.
- මෙමඟින් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා සුරෂිතභාවයට සිදු කරන බලපෑම කෙබඳුද?
ඇඟලුම් කර්මාන්තය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා රැකියා සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීම සඳහා MAS ආයතනය, JAAF සමඟ එක්ව අඛණ්ඩව කටයුතු කරනු ඇත. කටකතා හෝ අසත්‍ය ප්‍රචාරයන්ට හසු නොවන්න. ඔබට ලැබෙන ඕනෑම ප්‍රවෘත්තියක් නිල මාර්ග හරහා සත්‍යතාව පරීක්ෂා කර තහවුරු කරගන්න.
- මෙවන් පරිසරයක් තුළ අප වගකීම් සහගතව ක්‍රියාකළ යුත්තේ කෙසේද?
මේ මොහොතේ එකමුතුව වැඩ කරන්න. අණවුම් භාරදීම් කෙරෙහි අවධානය යොමු කරන්න. මෙම අවස්ථාව පිළිබඳ ඔබ පීඩාවට පත්ව සිටින්නේ නම් යම් අයෙකු සමඟ කතා කරන්න. අපි අතීතයේදීද මෙවන් අභියෝගයන්ට මුහුණ දී ජයගෙන ඇත්තෙමු. මේ මොහොතේද එකම කණ්ඩායමක් සේ එක්ව දිරිමත්ව කටයුතු කරන්න.
- මෙම බඳු පැනවීම දින 90කට අත්හිටුවීමේ ඇමරිකානු රජයේ තීරණයත් සමඟ ඉදිරි අනාගතය කෙබඳු විය හැකිද?
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය හැර අනෙකුත් සියලු රටවල තීරුබදු මාස තුනක කාලයකට අත්හිටුවීමේ තීරණය ප්‍රකාශ කර ඇති බැවින්, ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයට දැන් මෙම කාලය තුළ මාස තුනක කාලසීමාව අවසානයේ කලින් යෝජිත තීරුබදු අනුපාතය නැවත පනවන්නේ නම්, අවශ්‍ය අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග සඳහා සූදානම් වීමට අවස්ථාව ලැබී තිබේ.
එක්සත් ජනපද ඇඟලුම් වෙළඳපොළේ අපගේ කොටස සුරක්ෂිත කිරීම සඳහා සැලකිය යුතු ප්‍රයත්නයක් දරමින්, අපගේ කර්මාන්තයේ පැවැත්ම සහ වර්ධනය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වෙමින් අප ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව කටයුතු කරමු.