Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, මැයි 25
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Active»“සුවසැරිය” හදිසි අනතුරු ප්‍රතිකාර සේවාව සඳහා MAS සහාය
    Active

    “සුවසැරිය” හදිසි අනතුරු ප්‍රතිකාර සේවාව සඳහා MAS සහාය

    Diyani EditorsBy Diyani Editorsමැයි 28, 2024ප්‍රතිචාර නොමැත2 Mins Read
    Suwasariya
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    ශ්‍රී ලංකාවේ විශාලතම අපනයනකරු මෙන්ම මෙරට පුද්ගලික අංශයේ විශාලතම සේවා යෝජකයා වන MAS Holdings විසින්, ශ්‍රී ලංකා රජය 2016 දී හඳුන්වා දෙන ලද හදිසි අනතුරු ප්‍රතිකාර සේවාවක් වන සුවසැරිය ගිලන්රථ සේවයට සහාය දැක්වීමට කටයුතු කර ඇත. MASහි අරමුණ සහ ප්‍රජාවට ඇති කැපවීම මනාව පිළිබිඹු කරමින් MAS හි ව්‍යාපාරික අංශ පහක් එක්ව කටුනායක, පන්නල, මහියංගනය, හොරණ සහ දොම්පේ යන ප්‍රදේශවල ගිලන්රථ සඳහා එලෙස අනුග්‍රහය දක්වා ඇත.

    පුද්ගලයෙකුගේ ජීවිතය හා මරණය යන සාධකය තීරණය කෙරෙන තීරණාත්මක මොහොතේදී ගිලන් රථයක් අදාල ස්ථානයට පැමිණෙන වේලාව ඉතා තීරණාත්මක සාධකයක් විය හැකිය. සෞඛ්‍ය සේවා පහසුකම් සහ රෝහල් සඳහා පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි හෝ සීමා සහිත ප්‍රවේශයක් සහිත ප්‍රදේශවල මෙය විශේෂයෙන් තීරණාත්මක වේ. එම අවශ්‍යතාවය මැනවින් හඳුනා ගනිමින් MAS Active, MAS Intimates, MAS KREEDA, Bodyline සහ Linea Aqua යන MAS හි ව්‍යාපාරික අංශ පහ අවශ්‍යතා ඇති අයට සේවය කිරීම සඳහා මෙම සේවය නඩත්තු කර පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 25 ක අනුග්‍රාහකත්වයක් ලබා දී ඇත. මෙම ගිලන්රථ ආසන්න ප්‍රදේශවලට පමණක් නොව දිවයිනේ ඕනෑම ස්ථානයක ජාතික හදිසි අවස්ථාවලදී සේවය කිරීමට සූදානම්ව සහ සියලු පහසුකම්වලින් සමන්විතව ඇත.

    සිය ප්‍රජාවන්ට සහයෝගය දැක්වීමට සහ ඔවුන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීමට සහාය විම සම්බන්ධයෙන් MASහට දිගු ඉතිහාසයක් ඇත. විශේෂයෙන් කොවිඩ්-19 වසංගත කාල සීමාවේදී ආසාදිතයින් සඳහා අංගසම්පූර්ණ වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවමින් ක්‍රියා කළ අයුරින් ඔවුන්ගේ කැපවීම මනාව පැහැදිලි විය. එහිදී MAS සාමාජිකයින්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පුළුල් ප්‍රජාවකට MAS සහයෝගය හිමි විය.

    සුවසැරිය ගිලන්රථ නඩත්තු කර පවත්වාගෙන යාම සඳහා අනුග්‍රහය දක්වන මෙම නව ව්‍යාපෘතිය මගින්ද 67,000 කට අධික MAS හි ශ්‍රම බලකායට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම සුවිශාල ප්‍රතිලාභයන් හිමි වනු ඇත.

    Diyani Editors
    • Website

    Related Posts

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ