පෙකනි වැල මත ගත ඔතා
කුස තුළක හිඳ නිද නිදා
මලක් වාගේ හිතක් ඇති ඇය
මලක් වැදුවා හඬ හඬා …
මලක් මල්වර වී මෙදා
හිනා පිරුණා එදිනෙදා
ටිකක් හිත ගැස්සුනා තිස්සෙම
බඹරු මල් පැණි බොන නිසා …
අයනු ආයනු කිය කියා
සිප්කිරට පණ දෙන නියා
මාලහත ගෙල පළඳවාලා
බරම ගමනක් ඇය ගියා …
මුව කමල නිති පියකරු
බැල්ම වැටුනම බියකරු
තලා පෙලනට හසුව පහසුව
හඬා වැටුණා පියයුරු. …
ඇනුම් පදයෙන් නොම අඩු
ගලක් වාගෙම හිත තිබු
කන්ද වාගේ දරා ගත්තා
ලොවෙන් ආමහ ගිනි දළු …
විශ්වයට මහ විරිය විය
නෙත් අතරටම සිරියමය
බොර දියේ පිපි සුවඳ හමනා
සුපිපි නෙළුමයි දිරිය ඇය…